ජපානයේ ෆුකුෂිමා වෙරළ තීරයේ ප්‍රබල භූ කම්පනයක්

පෙබ 14, 2021

    ජපානයේ ෆුකුෂිමා වෙරළ තීරයේ ඊයේ ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබේ.

    ඒය රික්ටර් පරිමාණයේ සටහන්ව ඇත්තේ, 7.3ක් ලෙසයි. භූ කම්පනය හේතුවෙන් සියයකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තාවේ.

    ජපානයේ ෆුකුෂිමා වෙරළ තීරයේ 2011 වසරේදී හටගත් භූ කම්පනයට වසර 10ක් පිරීමට සති කිහිපයකට පෙර ඒම වෙරළ තීරය ආශ්‍රිතවම නැවතත් භූ කම්පනයක් සිදුව තිබෙීම විශේෂත්වයක්.

    ඒහි බලපෑම ටෝකියෝ නුවරටත් ඒල්ල වී තිබුණ ද, ඒ් සම්බන්ධව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොතිබුණ. භූ කම්පනයෙන් ඒම කලාපයේ නිවාස මිලියනයකට පමණ විදුලි බලය මුළුමනින්ම ඇනහිට තිබේ.

    2011 වසරේ සිදුවූ භූ කම්පනයෙන් 18,000කට අධික පිරිසක් මියගියේය. ජපාන කාලගුණ විද්‍යා ඒ්ජන්සිය පවසන්නේ මෙවර භූ කම්පනය 2011 සිදුවූ භූ කම්පනයේම පසුකම්පනයක් විය හැකි බවයි.

    Latest News