ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග විභාගය සිදු කෙරේ

පෙබ 13, 2021

    දෝෂාභියෝගයෙන් හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු කිරීමට ඡන්දය නොදෙන බව, රිපබ්ලිකන් පාක්ෂික සෙනෙට් සභිකයන් ප්‍රකාශ කරයි.

    ට්‍රම්ප් වරදකරු කිරීමට නම් සෙනෙට් මණ්ඩලයේ තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍යයි. හිටපු අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග විභාගය දැන් සිදු කෙරේ. ජනවාරි 6 වැනිදා සන්නද්ධ පෙළපාලිකරුවන් අමෙරිකානු පාර්ලිමේන්තුවට පහරදීමේ සිද්ධිය මුල් කර ගනිමින් ට්‍රම්ප්ට චෝදනා ගොනු කර තිබේ.

    මේ ප්‍රහාරයට මුලික පසුබිම සකස් කළ බව ප්‍රධාන චෝදනාව. දෝෂාභියෝගය මෙහෙයවනු ලබන්නේ ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂයයි. එය ජයග්‍රහණය කිරීමට නම් සෙනෙට් මණ්ඩල මන්ත්‍රීවරු සිය දෙනාගෙන් 67 දෙනෙකුගේ සහය අවශ්‍යවේ.

    එනම් ඩිමොක්‍රටික් පක්ෂය ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීන් 17 දෙනෙකුගේ සහය දිනාගත යුතුය. එහෙත් රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් ප්‍රකාශ කරන්නේ තමන් ට්‍රම්ප්ට එරෙහි නොවන බවයි.

    Latest News