චීන - ඇමරිකා ජනාධිපතිවරුන් අතර දුරකථන සාකච්ඡාවක්

පෙබ 12, 2021

    ඊයේ (11) චීන ලිත් ක්‍රමයට අනුව අලුත් අවුරුදු උදාවේ පෙරවරුවේ, චීන - අමෙරිකා ජනාධිපතිවරුන් අතර පැවති දුරකථන සාකච්ඡාව සමස්ත ලෝකයේ ඉමහත් අවධානයට ලක්ව තිබේ.

    ජෝ බයිඩන් මහතා ඇමරිකානු ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු දෙරටේ නායකයන් අතර පැවති ප්‍රථම ඍජු දුරකථන සාකච්ඡාව මෙයයි.

    එය දෙරටේ සබඳතා පිළිබඳ ලෝකයට සක්‍රීය සංඥාවක් නිකුත් කිරීමකි.

    දෙරටේ නායකයින් තුළ පවතින චීන - ඇමරිකා සබඳතාව යහපත් කිරීමේ දේශපාලන කැමැත්ත ඉන් පිළිබිඹු වේ.

    ලෝක සාමය හා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඓතිහාසික දායකත්වයක් ලබා දෙන ලෙස ෂී ජින් පිං මහතා එම සාකච්ඡාවේදී ඉල්ලීමක් කළේය. සමස්ත ලෝකය සමග සහයෝගතා පවත්වමින් කොවිඩ් - 19 වසංගතයට එරෙහිව සටන් කරමින් ආර්ථික ප්‍රකෘතිය පොදුවේ දිරිගැන්වීමේ අවශ්‍යතාවන් සපුරාලන එම ඉල්ලීම, වගකිවයුතු දැවැන්ත රටක වගකීම සංකේතවත් වේ.

    අමෙරිකාවේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති විධිමත්භාවයට ලක්ව ඇතැයි, ජෝ බයිඩන් මහතා මීට පෙර සිය කථාවේදී ප්‍රකාශ කර තිබේ.

    අමෙරිකාවට ප්‍රමුඛත්වය දීම සඳහා ක්‍රියාත්මක කරන ඒකපාර්ශ්වවාදය හා හුදෙකලාවාදය සැබවින්ම අතහැර දමා සිය වගකීම් සහ යුතුකම් භාර ගනිමින් චීනය සමඟ ගෝලීය සංවර්ධනය සඳහා දායකවීමට අමෙරිකාවට හැකි වනු ඇති බවට අපේක්ෂා කෙරේ.

    Latest News