චීනය තුළ BBC ලෝක සේවය තහනම් කිරීමට පියවර ගැනේ

පෙබ 12, 2021

    සිය රට තුළ BBC ලෝක සේවයේ විකාශන කටයුතු තහනම් කිරීමට චීනය පියවරගෙන තිබේ.

    කොවිඩ් - 19 වසංගත තත්ත්වය පිළිබඳ BBC ලෝක සේවයේ පුවත් වාර්තාකරණ කටයුතු සඳහා අප්‍රසාදය පළ කරමින් චීන රූපවාහිනී හා ගුවන්විදුලි නියාමන ආයතනය විසින් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත.

    කෙසේවෙතත් චීනයගත් මෙම ක්‍රියාමාර්ගය පිළිබඳව BBC ලෝක සේවය කනස්සල්ල පළකර තිබේ.

    එමෙන්ම බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව විසින් ද මේ සම්බන්ධයෙන් අප්‍රසාදය පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Latest News