චීනයේ අඟහරු රෝවරය වන Tian Wen අංක 1 අඟහරු වටා සිය ගමන අරඹයි

පෙබ 11, 2021

    චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනයේ නිකුත් කළ තොරතුරුවලට අනුව, පෙබරවාරි 5වැනිදා වනවිට, Tian Wen අංක 1 නමැති චීන අඟහරු රෝවරය, කක්ෂය මත දින 197ක් පියාසර කර ඇති අතර, එය පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 184 ක් පමණ දුරින් ගමන් කරමින් සි‍ටී.

    Tian Wen අංක 1 පියාසර කළ මුළු දුර ප්‍රමාණය කිලෝමීටර් මිලියන 465ක් වන අතර, අද(10) සිට එය අඟහරු වටා ගමන් කිරීම ආරම්භ කරයි.

    පසුගිය ජුලි 23වැනිදා, චීනයේ ප්‍රථම අඟහරු රෝවරය වන Tian Wen අංක 1, චීනයේ Hainan පළාතේ Wenchang හී නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් සාර්ථකව කක්ෂගත කෙරිණ.

    එම පියාසර ගමනේ දී, පෘථිවිය සහ ස‍ඳේ සමූහ ඡායාරූප ගැනීම, හතර වතාවක් කක්ෂ නිවැරදි කිරීම යන කාර්යයන් වෙන් වෙන්ව සම්පූර්ණ කර තිබේ.

    අද(10) Tian Wen අංක 1 අඟහරු වටා කක්ෂයට ඇතුළත් වී, අඟහරු මත ගොඩබෑමේ ගමන අරඹා ඇත.

    Latest News