ට්‍රම්ප් කොරෝනා සහන පැකේජයට අත්සන් තබයි

දෙසැ 29, 2020

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා වයිරස් සහන සහ වියදම් පැකේජයට අත්සන් තබා තිබේ.

    කලින් ඔහු මේ පනතට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළ නිසා එය නීතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අපහසු වූ අතර මිලියන ගණනක් වූ ජනතාවට විරැකියා දීමනාව ලබා ගැනීමට තාවකාලිකව නොහැකි විය.

    ඩොලර් බිලියන 900ක මේ සුවිශාල සහන පැකේජයට කොංග්‍රසයේ අනුමැතිය හිමිවූයේ මාස ගණනාවක් වාද විවාද පැවැත්වීමෙන් අනතුරුවයි.

    මෙය ෆෙඩරල් ආණ්ඩුවේ සාමාන්‍ය වියදම් සඳහා ඩොලර් ට්‍රිලියන 1.4ක් ද ඇතුළත් ඩොලර් ට්‍රිලියන 2.3ක වියදම් පැකේජයක එක් කොටසකි.

    Last modified on අඟහරුවාදා, 29 දෙසැම්බර් 2020 11:04

    Latest News