පිළිකා රෝගීන්ට අවශ්‍ය විකිරණශීලි ඖෂධ රට තුළ නිපදවීම පියවර

දෙසැ 29, 2020

    පිළිකා රෝගීන් සඳහා වන විකිරිණශීලි ඖෂධ රටතුළ නිපදවීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

    ඒ තුළින් විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වන බවයි සූර්ය බල සුළං ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී වාර්තා විය.

    දුමින්ද දිසානායක, මහාචාර්ය චන්න ජයසුමන යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විය.

    විකිරිණශීලි ඖෂධ රට තුළ නිපදවීම සඳහා පරමාණුක බලශක්ති අධිකාරිය සහ පරමාණුක බලශක්ති අධිකාරි නියාමන සභාව යොදාගත හැකි බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙහිදී පෙන්වා දී තිබේ.

    රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ මෙම කාර්යය සඳහා තම අමාත්‍යංශය සෑම සහයක්ම ලබාදෙන බවයි.

    Latest News