LPL හම්බන්තොටදී අද ආරම්භ වෙයි

නොවැ 26, 2020

    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙයි. එහි සමාරම්භක උත්සවය ප.ව 3.30ට හම්බන්තොට දී පැවැත්වෙයි.

    තරගාවලිය දෙසැම්බර් 16 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති. කලම්බු කිංග්ස්, ගෝල්ඩ් ග්ලැඩියේටර්ස්, ජැ‍ෆ්නා ස්ටැලියන්ස්, දඹුල්ල වයිකින්ග්ස්, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් 5 මෙහි දී තරග වැදීමට නියමිතයි.

    පළමු තරගය රාත්‍රී 7.30ට හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන්නේ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බු කිංග්ස් සහ කුසල් ජනිත් නායකත්වය දරන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 නොවැම්බර් 2020 13:03

    Latest News