දෙවැනි සාකච්ජාවටත් සූදානම්

ජන 19, 2019

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර දෙවැනි වටයේ සාකච්ජා, පෙබරවාරි මස පැවැත්වීමට තීරණය කර ඇති බව, අමෙරිකානු ධවල මන්දිරය පවසයි.

    උතුරු කොරියාවේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු වන කිම් යොන් චෝල්, නිල චාරිකාවක් සඳහා අමෙරිකාවට පැමිණීමත් සමඟ ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුව තිබේ. ඔහු උතුරු කොරියානු නායකයාගේ ලිපියක් ජනාධිපති ට්‍රම්ප් වෙත බාර දීම සඳහා වොෂිංටනයට රැගෙනවිත් ඇතැයි, විදෙස් වාර්තා සඳහන් කරයි. දෙවැනි වටයේ සාකච්ජා වියට්නාමයේ දී පැවැත්වීමට අපේක්ෂිතයි.

    උතුරු කොරියානු නියෝජිතයා සහ අමෙරිකානු බලධාරීන් අතර වොෂිංටනයේ පැවති සාකච්ජාවලින් අනතුරුව, දෙරටේ නායකයන්ගේ තවත් සාකච්ජාවක් සඳහා අවධානය යොමු වූ බව, ධවල මන්දිරය කියා සිටී. ලෝකයේම අවධානය යොමු වූ ඔවුන්ගේ ඓතිහාසික ප්‍රථම හමුවෙන් බලාපොරොත්තු වූ තරම් සාර්ථකත්වයක් අත් නොවීය. එම නිසා, දෙවැනි වටයේ සාකච්ජා පිළිබඳව ද වඩාත් සුබවාදී අපේක්ෂාවන් ඇති කර ගත නොහැකි බව, විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

    Latest News