මෙක්සිකෝ ඉන්ධන නල පිපිරීමේ මරණ සංඛ්‍යාව ඉහළට (වීඩියෝ)

ජන 19, 2019
  • Update : මෙක්සිකෝවේ පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව 66 දක්වා ඉහළ යයි. තුවාලකරුවන් 76ක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඒ සම්බන්ධ මුල් වාර්තාව

    මෙක්සිකෝවේ ඉන්ධන නලයක පිපිරීමක්; 21ක්මරුට (18:30)

    මෙක්සිකෝවේ ඉන්ධන නලයක් පිපිරීමෙන් ආසන්න වශයෙන් 21 දෙනෙකු පමණ මරුමුවට පත්ව 71කට තුවාල සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙක්සිකෝ සිටි අගනුවරට සැතපුම් 80ක් පමණ උතුරින් මෙම පිපිරීම සිදුවී ඇත.

    සොරුන් විසින් ඉන්ධන නල මාර්ගය අතර මගින් හානි කොට ඉන්ධන ලබා ගැනීමෙදී මෙම පිපිරීම සිදුවී ඇති බව “පෙමෙක්ස්" නම් මෙක්සිකෝ රජය සතු ඉන්ධන සමාගම සඳහන් කරයි.

    පිපිරීම සිදුවූ ස්ථානය අයත් හිඩල්ගෝ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසන්නේ හානියට පත්වූවන්ගේ ගණන වැඩි වීමට ඉඩ ඇති බවයි. සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව ඔහු තවදුරත් සඳහන් කරයි.

    ඉන්ධන හොරකම මෙක්සිකෝව තුළ ඉතා බහුලව සිදු වේ. අනතුරට ලක්වූවන්ට කඩිනමින් ප්‍රතිකාර කරන ලෙස මෙක්සිකෝ ජනපති නියෝග කොට ඇති අතර ඉන්ධන සොරකම මුලිනුපුටා දැමීමට ප්‍රතිඥා දී ඇත.

    2010 වසරේ දීද මෙවැනිම ආකාරයේ පිපිරීමක් සිදුවී 28 දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

    BBC
    Last modified on සෙනසුරාදා, 19 ජනවාරි 2019 21:22

    Latest News