"ස්පේස් එක්ස්" ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා පිටත්ව යයි

නොවැ 16, 2020

    ගගනගාමීන් සිව් දෙනෙකු රැගත් "ස්පේස් එක්ස්" (Space X) යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා පිටත් ව ගොස් තිබේ.

    යානය ගුවන් ගත කෙරුණේ, අමෙරිකාවේ ෆ්ලොරිඩාහි, කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.

    අමෙරිකානු ගගනගාමීන් තිදෙනෙකු හා ජපාන ගගනගාමියෙකු මෙලෙස ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත පිටත් ව ඇත.

    ස්පේස් එක්ස් සමාගම විසින් සපයන ලද රොකට්ටුවකින් හා කැප්සියුලයකින් එම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම විශේෂත්වයකි. මෙවැනි අභ්‍යවකාශ මෙහෙයුමක් සඳහා සපේස් එක්ස් සමාගම සිය දායකත්වය සැපයූ දෙවැනි අවස්ථාව මෙයයි. නාසා ආයතනය වාණිජ සැපයුම්කරුවන් සමග එක්ව මෙලෙස මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම මගින් අභ්‍යාවකාශ මෙහෙයුම් ක්ෂේත්‍රය නව යුගයක් කරා ගමන් කරමින් සිටියි.

    spacex_1.jpg

    මෙම මෙහෙයුමට එක්වූ ජපාන ගගනගාමී "සොයිච් නොගුචි" මීට පෙර සෝයුස් සහ "ෂටල් දෘඩාංග" යානාවලින් ද අභ්‍යාවකාශ ගත වී තිබේ. ඒ අනුව එකිනෙකට වෙනස් යානා වර්ග තුනක් අභ්‍යාවකාශ ගත වූ ලොව තෙවැනි පුද්ගලයා ලෙස නොගුචි ඉතිහාස ගත වන බව ‍විදෙස් වාර්තා සඳහන් කරයි.

    Latest News