ටැක්සිය කැඩී අතරමංවූ ගගනගාමියෝ

අගෝ 25, 2024

    ප්‍රවීණ ගගනගාමීන් වන අමෙරිකානු ජාතික බුච් විල්මෝර් හා ඉන්දීය සම්භවයක් සහිත අමෙරිකානු ජාතික සුනීතා විලියම්ස් පසුගිය ජුනි මස 05 වැනිදා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගියේ දින 8ක අත්හදා බැලීමේ මෙහෙයුමකටයි.

    ඒ වසර ගණනක අභියෝග මධ්‍යයේ බෝයිං සමාගම නිර්මාණය කළ ස්ටාර්ලයිනර් යානයෙන්. අභ්‍යවකාශයට යාම සඳහා ප්‍රවාහන සේවාවක් ලෙස ස්ටාර්ලයිනර් සංවර්ධනය කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබුණා. එය හරියට පෘථිවියේ පවතින "ටැක්සි" සේවාවට සමාන කළ හැකියි.

    මෙම නාසා ගගනගාමීන් දෙදෙනා ආපසු පැමණීමට නියමිතව තිබුණේ ජූනි 14 වැනිදායි. පසුව එය ජූනි 26 දක්වා දීර්ඝ විය. යානයේ හීලියම් කාන්දුවීමක් හා චලනය වීම් පාලනය කිරීම සඳහා යානයට සවි කර ඇති කුඩා රොකට්ටුවේ (ත්‍රස්ටර්) ගැටලු මතු වීම ඊට හේතු විය.

    සුනීතා සහ බුච් ‍ගෙන්වාගැනීමට තවත් යානයක් අභ්‍යවකාශයට යැවීමට බෝයිං සමාගමට හැකියාවක් නොමැත.

    ගගනගාමීන් දෙදෙනා හට ලබන වසර මුලදී SpaceX යානයකින් පෘථිවියට පැමිණීමට හැකි වනු ඇතැයි නාසා ප්‍රධානී බිල් නෙල්සන් අද පවසා සිටියා.

    Latest News