සමාජය තුළින් ප්‍රතිශක්තියක් ගොඩනැගීම සදාචාරාත්මක නැහැ - WHO

ඔක් 13, 2020

    කොරෝනා වෛරසය ආසාදනය වීමට ඉඩ හැර ඊට එරෙහිව සමාජය තුළින් ප්‍රතිශක්තියක් ගොඩනැගීමේ උපක්‍රමය සදාචාරාත්මක නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනොම් ගේබ්‍රියෙසස් ජිනීවා නුවර ඊයේ පැවති විශේෂ හමුවක් අමතමින් මේ බව ප්‍රකාශ කළා.

    හර්ඩ් ඉමියුනිටි නමින් හැදින්වෙන මෙම උපක්‍රමය හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට ලක් වන අතර ඇතැම්විට ජීවිත අහිමිවීම් පවා සිදු වන බවයි, ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

    මේ ආකාරයෙන් ජනතාව තුළින් ප්‍රතිශක්තියක් ගොඩනගා ගනිමින් වෛරස් ව්‍යාප්තියට මුහුණදීමේ තත්ත්වයක් සමාජය තුළ ඇති කිරීමට ඇමෙරිකාව උත්සහ ගන්නා බවට ලෝක සෞඛ්‍ය සංවිධානය චෝදනා කරනවා.

    මේ හේතුවෙන් ඇමෙරිකානුවන්ගේ ජීවිත රැසක් අහිමි වන තත්ත්වයක් උදාවී ඇති බව ද විද්‍යාඥයින් මත පල කරනවා.

    ඉතිහාසයේ කවරදාක හෝ වෛරසයකට එරෙහි ප්‍රතිෂක්තිකරණය ගොඩනැගීම සඳහා මෙවැනි උපක්‍රම භාවිතා කර නොමැති බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

    Latest News