උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිලයක්

ඔක් 13, 2020

    ලොවටම තර්ජනය කළ හැකි ඉතා විශාල අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් නිර්මාණය කිරීමට උතුරු කොරියාව පියවර ගෙන තිබෙනවා.

    උතුරු කොරියාවේ පාලක කම්කරු පක්ෂයේ 75 වෙනි සංවත්සර සැමරුම වෙනුවෙන් පැවති හමුදා පෙළපාලියේදී එම මිසයිලය ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළ බවයි, විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

    මේ වනවිට උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල දෙකක් අත්හදාබලා තිබෙනවා.

    කිලෝමීටර් දස දහසක් දුර ඉලක්ක කරගනිමින් එල්ල කළ හැකි හුවසොන් 14 බැලස්ටික් මිසයිලය 2014 වර්ෂයේදී අත්හදා බලා තිබෙනවා.

    මෙම මිසයිලය යුරෝපා කලාපයේ සහ ඇමෙරිකාවේ අර්ධයකට පහර එල්ල කළ හැකි ආකාරයෙන් නිර්මාණය කර ඇත.

     

    Latest News