ට‍්‍රම්ප් නැවතත් මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කරයි

ඔක් 13, 2020

    කොරෝනා වෛරසය වැළදී සිටි අමෙරිකා ජනාධිපති අද නැවතත් සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

    ෆ්ලෝරීඩාහි පැවති මැතිවරණ ප්‍රචාරණ රැළියට විශාල පිරිසක් රැස්ව සිටි බව, විදෙස් මාධ්‍ය වාර්තා කළා.

    ලබන නොවැම්බර් 03 වැනි දින පැවැත්වීමට නියමිත අමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය තීරණය කරන ප්‍රාන්තයක් ලෙස ෆ්ලෝරීඩා ප්‍රාන්තය සැළකෙනවා.

    තම පාක්ෂිකයන් අමතමින් ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් පවසා සිටින්නේ තමා ඉදිරි කටයුතු සඳහා යහපත් ප්‍රතිශක්තිකරණයකින් සූදානම්ව සිටින බවයි.

    ජනාධිපතිවරණ දිනයට පෙර ඉදිරි මැතිවරණ ප්‍රචාරණ රැළි 04 ක් පැවැත්වීමට නියමිත බවයි, විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

    Latest News