යුරෝපා රටවල නීති දැඩි කෙරේ

ඔක් 12, 2020

    කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග යුරෝපා රටවල සීමා කිරීම් ද ඉහළ නංවා තිබෙනවා.

    මහා බ්‍රිතාන්‍යය, ස්පාඤ්ඤය හා ප්‍රංශය යන රටවල නීති දැඩි කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

    ඒ අනුව මහා පරිමාණ අගුලුලෑම් වෙත යොමු වීමට එම රටවල් කටයුතු කරනු ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

    බ්‍රිතාන්‍යයේ අලුතින් කොරෝනා ආසාදිතයන් දොළොස්දහස් අටසිය හැත්තෑ දෙදෙනෙකු පැය 24 ක කාලය තුළදී හමුවීමත් සමග එරට ආසාදිතයන්ගේ සංඛ්‍යාව හය ලක්‍ෂ තුන්දහස ඉක්මවූවා.

    ස්පාඤ්ඤයේ කැටලෝනියා හා නවාරේ ප්‍රාන්තවල ද කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය වී තිබෙනවා.

    සියලු විශ්වවිද්‍යාලවල දේශන කටයුතු ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පැවැත්වීමට ස්පාඤ්ඤය තීරණය කර ඇති අතර, ආයතනවල සේවකයන්ට නිවෙස්වල සිට කටයුතු කිරීමට ද උපදෙස් දී තිබෙනවා.

    Latest News