ඉරාණයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 05 ඉක්මවයි

ඔක් 12, 2020

    ඉරාණයේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 05 ඉක්මවා තිබෙනවා.

    ඒ ගතවූ පැය 24ට එරටින් වාර්තා වූ ආසාදිතයින් 3822ත් සමගයි.

    වයිරසය හේතුවෙන් ඉරානයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව විසි අටදහස් පන්සිය හතලිස් හතරක්.

    කෙසේ වුවද ආසාදිතයින් හාරලක්ෂ හාරදහසක් පමණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

    අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ගේ සංඛ්‍යාව හාරදහස් පන්සීයකට ආසන්න වනවා.

    ඉරානයෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වුයේ පෙබරවාරි 19 වනදායි.

    ඒ වනවිට වයිරස ව්‍යාප්තිය මැඩලීම සදහා චීනයේ සම්පූර්ණ සහාය තමන්ට හිමිවන බවයි, එරට බලධාරීන් සඳහන් කරන්නේ.

    Latest News