බ්‍රිතාන්‍යය මුළුමනින්ම වසා දැමීමේ අවදානමක

ඔක් 11, 2020

    කොරෝනා අර්බුදය හේතුවෙන් බ්‍රිතාන්‍යය මුළුමනින්ම වසා දැමීමේ අවදානමක් මතුව ඇතැයි එරට විද්‍යාඥයෙක් පවසයි.

    වෛරසය හේතුවෙන් බ්‍රිතාන්‍යය අස්ථාවර තත්වයකට පැමිණ ඇති බව ද ඔහු කියා සිටී. මේ බව ප්‍රකාශ කර ඇත්තේ, බ්‍රිතාන්‍යයේ කීර්තිමත් විද්‍යාඥයෙකු වන මහාචාර්ය පීටර් හෝබ්. ඒ, රෝහල්ගත කෙරෙන රෝගීන් වැඩිවීම සහ වෙනත් කරුණු රැසක් සැලකිල්ලට ගනිමින්.

    මේ අතර, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හෙට එරට නිරෝධායන නීති දැඩි කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඊයේ පමණක් බ්‍රිතාන්‍යයෙන් කොරෝනා රෝගීන් 15,000කට වැඩි පිරිසක් වාර්තා විය. එය ඉකුත් සිකුරාදාට සාපේක්‍ෂව 6 ගුණයකින් ඉහළ යාමක්. මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තවත් අයෙකුට වෛරසය ආසාදනය වීමේ අවදානමක් නැති බව ධවල මන්දිරය පවසයි.

    එහි ප්‍රධාන වෛද්‍යවරයා පවසන්නේ, ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්වය බෙහෙවින් යහපත් බවයි. කෙසේ වෙතත් ඔහු කොවිඩ් 19 රෝගයෙන් සම්පූර්ණ සුවය ලබා ඇත්ද යන්න මෙතෙක් වාර්තා වී නැහැ.

    Last modified on ඉරිදා, 11 ඔක්තෝබර් 2020 19:55

    Latest News