ඉන්දියාව කොවිඩ්-19 මරණ 100,000 සීමාව ආසන්නයට

ඔක් 03, 2020

    ලෝකයේ වාර්තා වී ඇති කොවිඩ්-19 මරණවලින් දහයෙන් එකක් ඉන්දියානුවන් වන අතර,ලොව දෙවනුවට වැඩිම ආසාදිතයින් වාර්තා වන සහ වේගයෙන් අමෙරිකාව අභිභවා යන රට බවට ඉන්දියාව පත්ව තිබේ.

    ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනූව අද (03) උදෑසන වන විට ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 100,000 සීමාවට පැමිණෙමින් 99,773ක් ලෙස සටහන් වෙයි.

    එමෙන්ම මේ වන විට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 6,394,068ක්.

    ගෝලීය වශයෙන් දෛනිකව කොවිඩ්-19 මරණ 4,000ත් 6,000ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන විට ඉන්දියාව දැනට මාසයකට වැඩි කාලයක සිට දෛනික මරණ 1,000කට වඩා වාර්තා කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 03 ඔක්තෝබර් 2020 11:21

    Latest News