අමෙරිකාවේ කොරෝනා මරණ දෙලක්ෂය ඉක්මවයි

සැප් 23, 2020

    අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

    ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තයන්ට අනූව අමෙරිකාව තුළ මේ වන විට දෙලක්ෂ පන් දහස් හාරසිය තිස් නව දෙනෙක් වෛරසය හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වෙයි. ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන අමෙරිකාව තුළ අද වන විට ආසාදිතයන් හැත්තෑ ලක්ෂ 97,000 වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

    ගතවූ පැය 24 තුළ දී පමණක් එරටින් නව ආසාදිතයන් 34,907 දෙනෙක් වාර්තා විය. ආසාදිතයන් අතරින් පුද්ගලයන් 937 දෙනෙක් ඊයේ දිනයේදී මියගොස් තිබේ. තවමත් විසි පන් ලක්ෂ 48,000කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින බව නව වාර්තා පෙන්වා දෙයි.

    Last modified on බදාදා, 23 සැප්තැම්බර් 2020 07:53

    Latest News