පලස්තීනය අරාබි ලීගයෙන් ඉවත්වීමට තීරණය කරයි

සැප් 22, 2020

    පලස්තීනය අරාබි ලීගයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ, ඊශ්‍රායලය සහ අරාබි රටවල් අතර නව සහයෝගිතාව ගැන විරෝධය පළ කරමින්.

    1945 පිහිටුවනු ලැබූ, සාමාජික රටවල් 22කින් සමන්විත අරාබි ලීගය මැදි පෙරදිග කලාපයේ ප්‍රධානතම සහයෝගිතා සංවිධානයයි. තවදුරටත් එහි සාමාජිකත්වය දැරීම නිෂ්ඵල බව, පලස්තීනය පවසයි.

    සංවිධානයේ සභාපතිත්වය මෙවර පලස්තීනයට හිමිව ඇතත්, එය බාර නොගන්නා බව, පලස්තීන විදේශ ඇමති රියාද් අල්මලිකි ප්‍රකාශ කළේය.  එක්සත් අරාබි එමිර් සහ බහරෙන් යන රටවල් ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් සහයෝගීතා ගිවිසුම් මේ අර්බුදයට හේතුවයි.  පලස්තීනය හා ඊශ්‍රායලය අතර පවතින්නේ ඓතිහාසික එදිරිවාදිකමක්.

    Last modified on අඟහරුවාදා, 22 සැප්තැම්බර් 2020 20:31

    Latest News