මිනිස් ක්‍රියාකාරම් නිසා සත්ව ගහණයේ අඩුවීමක්

සැප් 11, 2020

    මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පසුගිය වසර 50 තුළ වන සතුන්ගෙන් තුනෙන් දෙකක් විනාශ වී ඇති බවට වාර්තාවක් පෙන්වා දෙයි.

    එමගින් දැක්වෙන්නේ, මෙම සත්ව සංහාරයේ වැඩිවීමක් මිස අඩුවීමක් පෙන්නුම් නොකරන බවයි. ලෝක ප්‍රසිද්ධ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් සිදු කරන ලද මෙම පර්යේෂණය විසින් හෙළි වී ඇත්තේ, මිනිසා මේ වන විට පෙර නොවූ විරූ තරම් වේගයකින් පරිසරය විනාශ කරමින් සිටින බවයි.

    ඉවක් බවක් නොමැතිව සිදු කරන වන විනාශය, කැලෑ ගිනි තැබීම, අසීමාන්තිකව සිදු කරන මසුන් ඇල්ලීම, සතුන් දඩයම් කිරීම,කෘමිනාශක හා වල්නාශක භාවිතය සහ ප්ලාස්ටික් පොලිතින් වැනි නොදිරන අපද්‍රව්‍ය හේතුවෙන් පරිසරයට සිදුවන විනාශය ඇතුළු නොයෙකුත් මිනිස් ක්‍රියාකාරකම් මීට හේතුවී තිබේ.

    මෙම සත්ව සංහාරය නැවැත්වීමට සියලු බලධාරීන් පියවර ගත යුතු බවයි, ලෝක පරිසරවේදීන් සඳහන් කරන්නේ. එසේ නොමැති වුවහොත් මිහිමත සිටින ජීවී විශේෂ රැසක්ම නුදුරු අනාගතයේම මෙලොවින් තුරන් වී යාමේ අවදානමක් පවතින බවයි, පරිසරවේදීන් හා විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ.

    Last modified on සිකුරාදා, 11 සැප්තැම්බර් 2020 09:23

    Latest News