ලැව්ගිනි හේතුවෙන් විශාල භූමි ප්‍රමාණයක් අමෙරිකාවේ විනාශ වේ

සැප් 10, 2020

    ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක පැතිර යන ලැව්ගිනි හේතුවෙන් අක්කර හාරලක්ෂ හැටදහසකට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

    අසූදහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

    කැලිෆෝනියාවේ සහ වොෂින්ටන් නුවර නගර ගණනාවක් ගින්න හේතුවෙන් මුළුමනින්ම විනාශයට පත් වූ බව ඊයේ මාධ්‍ය වාර්තා කළා.

    ගින්නට හසුවීමෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    ගින්න නිවා දැමීමේ සහ විපතට පත් පිරිස් මුදා ගැනීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි.

    ඇමෙරිකාවේ බටහිර ප්‍රදේශයට බලපා ඇති දැඩි උණුසුම් සහ සුළං සහිත කාලගුණය ලැව්ගිනි ව්‍යාප්තියට හේතු වී තිබෙනවා.

    Latest News