ඉන්දියාවෙන් චීනයට නැවතත් සම්බාධක

සැප් 04, 2020

    චීන සමාගම් වලට අයත් දුරකතන යෙදවුම් 118ක් භාවිතයෙන් තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇත.

    තම රටේ සෛවරී භාවය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට මෙම පියවර ගත් බවයි, ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

    කැම්කාඩ්, වී චැට් හා පබ්ජී ඇතුළු තවත් දුරකතන යෙදවුම් රැසක් මෙම තහනමට අයත්.

    මෙම තහනම සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයෙන් පසුවන බව හා එයට දැඩි විරෝධය පළකරන බවයි, චීන වාණිජ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

     

    Latest News