සරුංගලයක් සමග දැරියක් අහසට ඇදී යයි (VIDEO)

අගෝ 31, 2020

    සරුංගල් උත්සවයක් අතර වාරයේදී එයට සහභාගිවූ කුඩා දැරියක් ඇය යවමින් සිටි සරුංගලයත් සමග අහසට ඇදී යාමේ පුවතක් තායිවානයෙන් වාර්තා විය.

    මෙම දැරිය අඩි 100ක් පමණ ඉහළ අහසට ඇදී ගොස් තිබෙන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

    මෙම දැරිය ඊයේ දිනයේදී තායිවානයේ, හින්චු නගරයේ පිහිටි නන්ලියාවෝ වරායේ පැවති සරුංගල් උළෙලකට සහභාගී වෙමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ පා තිබේ.

    එකවර ඇතිවූ සුළං තත්ත්වයක් සමග සරුංගලයේ පිටුපස කොටස අල්ලාගෙන සිටි මෙම දැරිය අහසට ඇදී ගොස් තිබෙන අතර ඇය අවස්ථා කිහිපයකදී ඉහළ අහසටත් යළි පොළොව දෙසටත් ඇදී එන අයුරු කිසියම් පුද්ගලයෙක් විසින් වීඩියෝ ගත කොට තිබේ.

    කෙසේ වුවත් එම දැරිය පොළොව මතට පතිත වීමට පෙර අසල සිටි පුද්ගලයින් විසින් බේරා ගනු ලැබීය.

    Latest News