ලොව කොරෝනා දෙකෝටි දස ලක්‍ෂය ඉක්මවයි

අගෝ 14, 2020

    ලොව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද වනවිට දෙකෝටි දස ලක්‍ෂය ඉක්මවා ගොස් තිබේ.

    මරණ සංඛ්‍යාව හත් ලක්‍ෂ 53,000කට අධිකයි. වැඩිම ආසාදිතයින් වාර්තාවන අමෙරිකාවේ රෝගීන් සංඛ්‍යාව 54 ලක්‍ෂ 15ස් දහස ඉක්මවා ගිහින්. මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ, එක් ලක්‍ෂ 70,000ක් ලෙසයි. ලොව දෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන බ්‍රසීලයේ රෝගීන් සංඛ්‍යාව 30 ලක්‍ෂ 29 දහස ඉක්මවා ගියේය. එරට මරණ සංඛ්‍යාව එක් ලක්‍ෂ 50ස් දහස ඉක්මවා තිබේ. ආසාදිතයින් වැඩිම රටවලින් තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ, අසල්වැසි ඉන්දියාවයි.

    එරට ආසාදිතයන් සංඛ්‍යාව 24 ලක්‍ෂ 59 දහසකට අධිකයි. ඉන්දියාවේ මේ දක්වා කොරෝනා මරණ 40,000කට වැඩි ප්‍රමාණයක් සිදුව තිබේ. මේ වනවිට කොරෝනා ආසාදිතයන් ලක්‍ෂ දහය ඉක්මවූ රටවල් ගණන 3ක් වන අතර, ආසාදිතයන් ලක්‍ෂය ඉක්මවූ රටවල් සංඛ්‍යාව 26ක්. මරණ ලක්‍ෂය ඉක්මවූ රටවල් ගණන 2ක්. මරණ 25,000 ඉක්මවූ රටවල් සංඛ්‍යාව 8ක්. මරණ දහසකට අධික රටවල් සංඛ්‍යාව 46ක්. සියලුම කොරෝනා රෝගීන් සුවය ලැබූ රටවල් 13ක් වාර්තාවේ. නෞකා දෙකක් ද ඇතුළුව ලොව රටවල් සහ පාලන ප්‍රදේශ 215කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබේ. රටවල් 24ක් කොරෝනා කිසිදු මරණයක් වාර්තා නොවූ රාජ්‍යයන් අතරට ඇතුළත්.

    Latest News