නෙදර්ලන්ත පොලිසිය විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය නිපදවන රසායනාගාරය වටලයි

අගෝ 13, 2020

    නෙදර්ලන්තයේදී මෙතෙක් වාර්තා වූ විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය නිපදවන රසායනාගාරයක් පොලිසිය විසින් රියැදුරු පාසලක තිබී සොයාගෙන තිබේ.

    පොලිසිය පසුගිය සිකුරාදා අදාළ ස්ථානය වටලා ඇති අතර එහිදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 17 දෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.

    නෙදර්ලන්ත පොලිස් ප්‍රධානී ඇන්ඩෲ වෑන් රිජන් ප්‍රකාශ කර ඇත්තේ මෙය සිය රටින් හමුවූ විශාලතම කොකේන් නිෂ්පාදනාගාරය වන අතර එහිදී දිනකට කොකේන් කිලෝග්‍රෑම් 150ත් 200ත් අතර ප්‍රමාණයක් නිපදවීමේ හැකියාව පවතින බවයි.

    එම දෛනික නිෂ්පාදනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 4.5 සිට මිලියන 6 දක්වා වන බව ද හෙතෙම සඳහන් කර තිබේ.

    මෙම රසායනාගාරය තුළ උපකරණ මෙන්ම රසායනික ද්‍රව්‍ය ලීටර් දස දහස් ගණනක්ද, නිෂ්පාදනයේ ආරම්භක පියවරේ පැවති කොකේන් කිලෝග්‍රෑම් 100ක්ද සොයාගත් බව ද පොලිසිය පවසා ඇත. .

    Latest News