ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මුව ආවරණ පැළඳීම තහනම්

අගෝ 14, 2020

    අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ෂෙරීෆ්වරයා රැකියා කරන අවස්ථාවල මුව ආවරණ පැළඳීම තහනම් කර තිබේ.

    එරට මුව ආවරණ තහනම් කෙරුණු පළමු ප්‍රාන්තය ලෙස ෆ්ලොරීඩාව වාර්තාවේ. ඊට අමතරව ෂෙරිෆ්වරයාගේ කාර්යාලයට පැමිණෙන සියලු දෙනා වෙත ද මෙම නීතිය පනවා තිබේ.

    ෆ්ලොරිඩාහි ෂෙරීෆ්වරයා මෙම නීතිය පනවා ඇත්තේ, එම ප්‍රාන්තය අමෙරිකාවේ කොරෝනා වෛරස් බලපෑම ඉතා දැඩි ප්‍රාන්තවලින් එකක්ව පවතින අවස්ථාවකයි. ෆ්ලොරිඩාහි පමණක් කොරෝනා වෛරස් ආසාදිතයින් පන් ලක්‍ෂ 50,000කට අධික පිරිසක් සිටින අතර, එහි සිදුව ඇති මරණ සංඛ්‍යාව 8700ක්.

    කොරෝනා අවදානම අධික රෝහල්, පාසල් සහ සිරකඳවුරුවල සේවය කරන අයට පමණක් මුව ආවරණ පැළඳීමට ෂෙරිෆ්වරයා අවසර ලබාදී තිබේ. මේ සම්බන්ධයෙන් ෆ්ලොරිඩා ෂෙරිෆ් බිලී වුඩ්ස්හට බොහෝ දෙනෙකු දැඩි දෝෂාරෝපණ එල්ල කර තිබේ. කෙසේ වුවද ෂෙරීෆ්වරයා පවසන්නේ වෛරස අවදානම පිළිබඳව තමා හොඳින් තේරුම් ගෙන ඇති බවයි.

    Latest News