අමරිකා‍නු ජාතිකයින් 11 ට චීනයෙන් සම්බාධක

අගෝ 11, 2020

    අමරිකා‍නු ජාතිකයින් 11 දෙනෙකුට එරෙහිව සම්බාධක පනවන බවට චීනය ප්‍රකාශ කරයි.

    චීන මධ්‍යම රජයේ හා චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ නිලධාරීන් 11දෙනෙකුට අමරිකාව විසින් සම්බාධක පැනවීමේ වැරදි ක්‍රියාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්, චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Zhao Lijian මහතා මේ බව පැවසීය.

    අමරිකානු සෙනෙට් මන්ත්‍රී Marco Rubio, Ted Cruz, Josh Hawley, Tom Cotton, Pat Toomey ඇතුළු හොංකොං ප්‍රශ්නය සම්බන්ධයෙන් අයහපත් ලෙස ක්‍රියා කළ අමරිකානු ජාතිකයින්ට එරෙහිව චීනය ඊයේ (10) සිට සම්බන්ධක පැනවීය.

    පසුගිය 7 වැනි දින අමරිකානු රාජ්‍ය මණ්ඩලය හා අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව, හොංකොං ස්වයං පාලනය විනාශ කිරීමේ මුවාවෙන් චීන මධ්‍යම රජයේ හා චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ නිලධාරීන් 11දෙනෙකුට සම්බාධක පැනවීම ප්‍රකාශ කර තිබිණ.

    අමරිකාව හොංකොං කටයුතු වලට විවෘතව මැදිහත් වීම, ප්‍රචණ්ඩ ලෙස චීන අභ්‍යන්තර කටයුතුට මැදිහත් වීමක් මෙන්ම ජාත්‍යන්තර නීතිය හා ජාත්‍යන්තර සබඳතා මූලධර්මයට දැඩිව විරුද්ධ වීමක් බව, Zhao Lijian මහතා පැවසීය.

    චීනය ඊට දැඩි ලෙස විරෝධය පළ කරමින් හෙළා දකින බව හෙතෙම අවධාරණය කළේය.

    Latest News