ඉන්දියාවේ ගංවතුරින් 95කට අධික පිරිසක් මරුට

අගෝ 10, 2020

    ඉන්දියාවේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 95කට අධික පිරිසක් මියගොස් ඇත.

    අවතැන් වූ පුද්ගලයින් දහස් ගණනක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර සහ නායයෑම් අවදානම තවදුරටත් ඉහළ ගොස් ඇත. මියගිය පුද්ගලයන් බහුතරයක් වාර්තා වන්නේ, නිරිතදිග කේරළ ප්‍රාන්තයෙන්. එම සංඛ්‍යාව 40කට අධිකයි.

    කොරෝනා වෛරස් අවදානම ඉහළ මට්ටමක පවතින අවස්ථාවක ආපදාවට පත් ජනතාව රඳවා ඇති කඳවුරුවල සෞඛ්‍ය ආරක්‍ෂාව පිළිබඳ දැඩි තර්ජනයක් පවතින බව විදෙස් වාර්තාවල සඳහන්.

    ඉන්දියාවේ ගංවතුර සහ නායයාමෙන් බලපෑමට ලක්ව ඇති ප්‍රදේශ රැසක විදුලිය ඇනහිටීම ද වාර්තාවේ. මේ හේතුවෙන් දෛනික ජන ජිවිතයට දැඩි බාධාවක් එල්ල වී ඇත. කේරළ ප්‍රාන්තයේ පමණක් ලක්‍ෂයකට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ. ඉදිරි දිනවලදී වර්ෂාපතනයේ වැඩිවීමක් පෙන්නුම් කළ හැකි බව කාලගුණ බලධාරීන් අනතුරු අඟවයි.

    Latest News