විෂබීජනාශක දියර පානයෙන් ඉන්දියාවේ 10ක් මරුට

අගෝ 01, 2020

    මධ්‍යසාර අඩංගු වන විෂබීජනාශක දියර පානය කිරීමෙන් ඉන්දියාව තුළ පුද්ගලයන් 10 දෙනෙක් මියගොස් තිබේ.

    කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා ඉන්දියාව තුළ මත්පැන් අලෙවිසැල් වසා දැමීම හේතුවෙන් මෙම ගැටලුව උද්ගත වී ඇති බව පොලිස් නිලධාරීන් වාර්තා කරයි.

    ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ගම්මානයකින් මෙම සිදුවීම වාර්තා වී තිබේ. කොරෝනා වෛරසය දේශීය වශයෙන් වැඩිවීම වැළැක්වීම උදෙසා බොහෝ ගම්මාන අගුලු දැමීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කළේය.

    මෙම අගුලු දැමීමත් සමග මත්පැන් අලෙවිසැල් වසා දැමීම හේතුවෙන් මත්පැන් වෙනුවට මධ්‍යසාර අඩංගු සනීපාරක්ෂක දියර පානය කිරීම මගින් මෙම පුද්ගලයන් මියගොස් ඇති බව වාර්තා වෙයි.

    Last modified on සෙනසුරාදා, 01 අගෝස්තු 2020 12:11

    Latest News