ගතවූ පැය 24ට අමෙරිකාවේ ආසාදිතයින් 70,033ක්

අගෝ 01, 2020

    ගෝලීය වශයෙන් මේ වන විට කොරෝනා වෛරසයෙන් සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව එක්කෝටි එකොළොස් ලක්ෂ පනස් එක් දහස ඉක්මවා ගොස් තිබේ.

    වෛරසය පැතිර යන රටවල් අතරින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි 77 ලක්ෂ 44 දහස් 784ක්.

    ගතවූ පැය 24 දී පමණක් අමෙරිකාව තුළින් වෛරස ආසාදිතයන් 70,033ක් වාර්තා විය. ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අමෙරිකාවෙන් වාර්තා වී ඇති අතර, එය හතළිස් හත් ලක්ෂ පන්දහස ඉක්මවා තිබේ. අමෙරිකාවේ එක් ලක්ෂ පනස් හය දහසකට වැඩි සංඛ්‍යාවක් වෛරස හේතුවෙන් මියගියේය. එරටින් සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව වාර්තා වන්නේ විසිතුන් ලක්ෂ විසි හත් දහස් හැත්තෑ දෙකක් ලෙසයි.

    Last modified on සෙනසුරාදා, 01 අගෝස්තු 2020 12:20

    Latest News