චීනයේ, අමෙරිකානු තානාපතිවරුන් කාර්යාලයෙනුත් පිටව යයි

ජූලි 27, 2020

    චීනයේ ශෙන්ග්ඩු නගරයේ පිහිටි අමෙරිකානු කොන්සල් කාර්යාලය වසා දැමීමෙන් පසු එහි සිටි අමෙරිකානු තානාපති නිලධාරීන් ඊයේ ඉන් පිටව ගියේය.

    අද උදෑසන වීමට පෙර ඔවුන්ට පිටව යන ලෙසයි, චීන රජය දැනුම් දී තිබිණ. චීනය මෙම තීරණය ගනු ලැබුවේ, අමෙරිකාව විසින් හූස්ටන්හි පිහිටි චීන කොන්සල් කාර්යාලය වසා දැමීමට සිදු කරන ලද නියෝගයට එකට එක කිරීමක් වශයෙන්.

    ඒ අමෙරිකාවේ බුද්ධි තොරතුරු චීන කොන්සල් කාර්යාලය විසින් එක්රැස් කරන බවට, චෝදනා කරමින්. ඉන් අනතුරුව චීනය විසින් අමෙරිකානු කොන්සල් කාර්යාලය වසා දැමීමට නියෝග කළේය. මේ හේතුවෙන් දෙරට අතර මේ වන විට දැඩි ආතතිකාරී තත්වයක් හට ගෙන තිබේ.

    Last modified on සදුදා, 27 ජූලි 2020 10:39

    Latest News