ලොව පුරා කොරෝනා අද තත්වය

ජූලි 27, 2020

    ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට එක්කෝටි හැට හතර ලක්ෂ දහතුන් දහස ඉක්මවා ගොස් තිබේ.

    ඉකුත් පැය 24 දී පමණක් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 2කට අධිකයි. මරණ සංඛ්‍යාව, හය ලක්ෂ පනස් දෙදහස ඉක්මවා ගිහින්. මේ අතර, සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව ඊයේ කෝටිය ඉක්මවා ගිහින්.

    වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වන අමෙරිකාවේ රෝගීන් සංඛ්‍යාව හතළිස්තුන් ලක්ෂ හැත්තෑ එක් දහසක්. පනස් දහසකට ආසන්න මරණ සංඛ්‍යාවක් සිදුව තිබේ. ලොව දෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන බ්‍රසීලයේ රෝගීන් සංඛ්‍යාව විසි හතර ලක්ෂ දහ නව දහස ඉක්මවා ගිහින්. එරට මෙතෙක් සිදුව ඇති මරණ සංඛ්‍යාව, අසූ හත් දහසකට අධිකයි. ආසාදිතයින් වැඩිම රටවලින් තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ, අසල්වැසි ඉන්දියාවයි. එරට ආසාදිතයන් සංඛ්‍යාව අද දිනය වන විට දාහතර ලක්ෂ තිස් හය දහස ඉක්මවා ගිහින්. ඉන්දියාවේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව තිස් දෙදහසකට අධිකයි.

    Last modified on සදුදා, 27 ජූලි 2020 10:24

    Latest News