එක්සත් අරාබිය එමීර් රාජ්‍යයේ පළමු අගහරු ගමන

ජූලි 20, 2020

    එක්සත් අරාබි එමීර් රාජ්‍ය සිය ඓතිහාසික ප්‍රථම අගහරු මෙහෙයුම දියත් කර තිබේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය බාධාවක් කර නොගෙන අඟහරු මෙහෙයුම දියත් කිරිමට කටයුතු කර ඇති අතර, සිය විද්‍යාත්මක සහ තාක්ෂණික හැකියාවන් වර්ධනය කර ගැනීම මෙහෙයුමේ අරමුණයි.

    අඟහරු මෙහෙයුම හෝප් ලෙස නම් කර තිබේ. මෙහෙයුමට අදාළ රොකට්ටුව කක්ෂගත කිරීම එක්සත් අරාබි එමීර් රාජ්‍ය වේලාවෙන් අද අලුයම 1.58ට ජපානයේ ටෙනෙගෂීමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදු කෙරිණ.

    තෙල් සම්පතින් ආද්‍ය රටක් ලෙස සැලකෙන එක්සත් අරාබි එමීර් රාජ්‍ය මෙම මෙහෙයුම මඟින් සිය විද්‍යා හා තාක්ෂණික හැකියාවන් වැඩි දියුණු කර ගැනීමට අපේක්ෂා කෙරේ.

    හෝප් යානය රතු ග්‍රහයා වෙත ළඟා වීමෙන් අනතුරුව එහි කාලගුණික සහ දේශගුණික තත්වයන් සම්බන්ධයෙන් තොරතුරු සැපයීමට නියමිතයි.

    Last modified on සදුදා, 20 ජූලි 2020 13:36

    Latest News