මාස 6කට පසු චීනයේ සිනමාහල් ඇරේ

ජූලි 20, 2020

    කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග වසා දමා තිබූ චීනයේ සිනමාශාලා අද යළි විවෘත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඒ මාස හයකට පසුවයි. අද විවෘත කෙරෙන සිනමා ශාලාවන්හි ප්‍රේක්ෂක සංඛ්‍යාව සීමා කර තිබේ. අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර අලෙවිය සිදු කෙරේ. සිනමාශාලාව තුළ ආහාර පාන ලබාගැනීම තහනම් කර තිබේ.

    ලොව චිත්‍රපට කර්මාන්තය තුළ ලොව දෙවැනි විශාලතම චිත්‍රපට වෙළෙඳපොළ පවතින්නේ චීනයේයි. පසුගිය වසරේ එරට බොක්ස් ඔෆිස් ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 9.2ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Latest News