උතුරු දිග ඉන්දියාවේ, ගින්නකින් පුද්ගලයින් 7 මරුට

ජූලි 06, 2020

    උතුරු දිග ඉන්දියාවේ, ගාසියාබහද් නගරයේ කම්හලක සිදුවූ ගින්නකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබේ.

    ගින්න හටගත්තේ, ඉටිපන්දම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකයි.

    එම නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ වහා ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍ය රැසක් ගබඩා කර තිබිණ. ඒ හේතුවෙන්, ගින්න සීඝ්‍රයෙන් පැතිර යන්නට ඇතැයි විශ්වාස කෙරේ. මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් 6 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු වේ. ගිනිගැනීම සිදුවන අවස්ථාවේ කර්මාන්ත ශාලාව තුළ සිටි බොහෝ පිරිසක් කඩිනමින් මුදා ගැනීමට ගිනිනිවන භට කණ්ඩායම් සමත්විය. මියගිය පුද්ගලයන්ගේ පවුල් සඳහා සහන සැලසීමට ප්‍රාන්ත රජය අමෙරිකානු ඩොලර් 5,356ක මුදලක් වෙන්කර තිබේ. කෙසේ වෙතත් ගින්නට නිශ්චිත හේතුව මෙතෙක් ප්‍රකාශ වී නොමැත.

    Latest News