වසර 13,000ක් ඉපැරණි දියයට ගුහාවක්

ජූලි 06, 2020

    වසර 13,000ක් ඉපැරණි දියයට ගුහාවක් යුකැටන් අර්ධද්වීපය ආශ්‍රිතව සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වී තිබේ.

    මෙය මායා ශිෂ්ටාචාරයට අයත් නටඹුන් සහිත ගුහාවක් බව විද්‍යාඥයන් පවසයි.

    මෙක්සිකානු පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් සිදු කළ ගවේෂණයකදී මෙය සොයා ගෙන ඇත. මෙය අමෙරිකානු කලාපයේ පැරණිතම ගුහාවක් ලෙස සැලකේ. මෙම සොයා ගැනීමෙන් මානව ශිෂ්ටාචාරය පිළිබඳ නවමු තොරතුරු රැසක් හෙළිදරව් කර ගැනීමට හැකිවනු ඇති බව විද්‍යාඥයින් පවසයි.

    ගුහාව තුළ තිබී, මිනිස් ඇට සැකිළි කිහිපයක් ද හමුවී තිබේ. ඒ ඔස්සේ පරීක්‍ෂණ සිදු කරමින් අතීත ශිෂ්ටාචාරයන් පිළිබඳව සහ මානව පරිණාමය පිළිබඳ තොරතුරු ගවේෂණය කිරීම විද්‍යාඥයන්ගේ අරමුණයි.

    Latest News