ක්‍රෝඒෂියානු පාර්ලිමේන්තු මැතිවරණයෙන් එරට පාලක පක්‍ෂයට ජය

ජූලි 06, 2020

    ක්‍රෝඒෂියානු පාර්ලිමේන්තු මැතිවරණයෙන් එරට පාලක ක්‍රෝඒෂියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය ජය හිමි කරගෙන තිබේ.

    කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ දැවැන්ත ආර්ථික පසුබෑමක් ද පවතින මොහොතකයි මෙවර මැතිවරණය පැවැත්වුණේ.

    ආසන 151කින් සමන්විත ක්‍රෝඒෂියානු පාර්ලිමේන්තුවේ ආසන 68ක ජය හිමිකර ගැනීමට පාලක ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය සමත්වී තිබේ. එම පක්‍ෂයේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයට හිමිවී ඇත්තේ ආසන 43ක් පමණි. පාර්ලිමේන්තු මැතිවරණය සෞඛ්‍ය නීති රෙගුලාසිවලට අනුකූලව පැවති අතර, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විශාල ජනතා උනන්දුවක් දක්නට ලැබුණු බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් දිනා ගැනීමට පාලක ක්‍රෝඒෂියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය සමත්වී නොමැති නිසා ඔවුන් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ශවකරුවන් සොයමින් සිටී. ක්‍රෝඒෂියාවෙන් මේ වනවිට කොරෝනා වෛරස් ආසාදිතයන් 3000කට අධික පිරිසක් හඳුනාගෙන ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව සියය ඉක්මවයි.

    Latest News