කොරෝනා පාලනයට විශේෂඥයන්ගේ සහය අත්‍යාවශ්‍යයි - ලෝක සෞඛ්‍ය සංවිධානය

ජූලි 02, 2020

    නව්‍ය කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සියලු දෙනාගේ වගකිමක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

    ජාත්‍යන්තර මට්ටමින් ඊට පුළුල් වැඩපිලිවෙලක් නිර්මාණය කිරිමයි, මූලික වන්නේ.

    පරික්ෂණ කිරිම්, ශාරිරික දුරස්ථභව සහ මුහුුණු ආවරණ පැළදීම තනි පුද්ගල ක්‍රීයාවක් නොවේ.

    එය සාමූහික කාර්යක් බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

    එසේ නොවුණහොත් වයිරස ව්‍යාප්තිය තවත් බරපතල වීමේ අවධානමක් පවතිනවා.

    ලොව පුරා විද්‍යාඥයන් දහසක් පමණ වයිරස ව්‍යාප්තිය පාලනය සහ පර්යේෂණ සඳහා එක්වුණා.

    මේ සතිය තුළ එම වැඩපිලිවෙල කි‍්‍රයාත්මක බවයි, සෞඛය සංවිධානය පවසන්නේ.

    ලබන සතිය වනවිට චීනයට ද විශේෂ කණ්ඩායමක් යොමු කිරිමට සැළසුම් කර ඇති බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

    Latest News