ඕස්ට්‍රේලියාව තවදුරටත් සිය ආරක්ෂක රැකවල් තර කරයි

ජූලි 02, 2020

    චීනය සහ ඇමෙරිකාව අතර දිනෙන් දින උණුසුම් වන තත්ත්වය මත ඕස්ට්‍රේලියාව සිය ආරක්ෂක රැකවල් තර කිරීමට කටයුතු කර තිබෙනවා.

    ඒ අනුව ඉන්දු පැසිපික් කලාපයේ ආරක්ෂාව තර කිරීම කෙරෙහි වැඩි අවදානයක් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

    එරට ආරක්ෂක වියදම් වෙනුවෙන් වාර්ෂික අයවැයෙන් සියයට හතළිහක මුදලක් වෙන් කිරීමට ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් කටයුතු කර තිබෙනවා.

    අනාගත ආරක්ෂාව වෙනුවෙන් දිගුදුර මිසයිල සහ අනෙකුත් ආරක්ෂක මෙවලම් සූදානම් කිරීමට තම රට කටයුතු කරන බවයි, අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

    Latest News