චීනයේ නව නීතිය යුරෝපා සංගමයේ විරෝධයට

ජූලි 02, 2020

    හොංකොං රාජ්‍යයට බලපෑම් කළ හැකි ආකාරයට චීනය සම්මත කරගත් නව නීතිය සම්බන්ධයෙන් යුරෝපා සංගමය, නේටෝ සංවිධානය සහ එංගලන්තය විරෝධය පළකර තිබෙනවා.

    හොංකොං රාජ්‍ය තුළ චීනයට එරෙහිව සිදුකෙරෙන විරෝධතා පාලනය කිරීම සඳහා මෙම නව නීතිය සම්මත කරගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    චීනයෙන් වෙන්වීමට උත්සාහ දැරීම, කැරළි ගැසීම, ත්‍රස්තවාදය හෝ විදේශ හමුදා සමග එක්වීම නීතිමය වශයෙන් අපරාධ ලෙස සළකනු ලැබේ.

    1997 වසරේදී හොංකොං රාජ්‍ය බ්‍රිතාන්‍යයෙන් නැවත චීනයට හිමිවූ නමුත් හොංකොං රාජ්‍යයට පමණක් සීමා වූ ප්‍රතිලාභ කිහිපයක් භුක්තිවිදීමේ අවස්ථාව ඔවුන්ට ලැබී තිබිණ.

    Latest News