අමෙරිකාවට යළි අනතුරු ඇඟවීමක්

ජූනි 26, 2020

    අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව වාර්තාගත සංඛ්‍යාවට වඩා දස ගුණයක් පමණ විය හැකි බව බලධාරීන් පවසයි. නිල වාර්තා පෙන්වා දෙන්නේ, එරට ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට විසි පන් ලක්ෂය ඉක්මවා ඇති බවයි.

    අමෙරිකාවේ වසංගත රෝග මර්දන ඒකකය පවසන්නේ, මේ වන විට එරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 200ක් පමණ ඉක්මවා තිබිය හැකි බවයි. බොහෝ දෙනාට රෝග ලක්ෂණ නොමැතිව රෝගය වැළඳී තිබීමේ අවදානම පවතින බව, බලධාරීන් පෙන්වා දෙයි. අමෙරිකාවේ වසංගත රෝග මර්දන ඒකකය පුද්ගල ප්‍රතිදේහ පිළිබඳ සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව මෙම නිගමනයට පැමිණ තිබේ.

    මේ වන විට රෝගයට ගොඳුරු වී මිය ගිය පිරිස එක් ලක්ෂ විසි හය දහස ඉක්මවා ඇති අතර, එම අගය ද වාර්තා වන සංඛ්‍යාවට වඩා ඉහළ යා හැකි බවයි, බලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

    Latest News