ඉදිරි සතිය තුළ කොරෝනා රෝගීන් මිලියන 10 කට ළඟා වේ - ලෝක සෞඛ්‍ය සංවිධානය

ජූනි 25, 2020

    ඉදිරි සතිය තුළ COVID -19 රෝගීන් සංඛ්‍යාව මිලියන 10 ට ළඟා වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය තක්සේරු කරයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් බදාදා පැවති මාධ්‍ය හමුවේ දී මේ බව සඳහන් කළේය.

    COVID -19 රෝගීන් මිලියන 9.1 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 470,000 කට වැඩි සංඛ්‍යාවක් දැනට වාර්තා වී තිබේ.

    ලොව පුරා සිටින දැඩි හා අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමේදී ඔක්සිජන් සාන්ද්‍රක මගින් වැදගත් කාර්යභාරයක් ඉටු කෙරෙන බව අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් මහතා කියා සිටී.

    වසංගතයේ පළමු මාසය තුළ රෝගීන් 10,000 කට වඩා අඩු සංඛ්‍යාවක් ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා වී ඇති නමුත් පසුගිය මාසයේදී රෝගීන් මිලියන 4 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ඔහු පැවසීය.

     

    Latest News