සිංගප්පූරුවේ කඩසාප්පු හා අවන්හල් විවෘත කෙරේ

ජූනි 20, 2020

    නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කරමින් කඩසාප්පු සහ අවන්හල් විවෘත කිරීමට සිංගප්පූරුව පියවර ගෙන තිබේ.

    නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ් - 19’ වසංගතය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා පැනවූ දැඩි සීමා ලිහිල් කළ ද එයින් උද්දාමයට පත් නොවිය යුතු යැයි ද මෙතෙක් පවත්වාගෙන පැමිණි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සහ ක්‍රියාමාර්ග තවදුරටත් පවත්වාගෙන යන්නැයි ද එරට බලධාරීහු ජනතාවගෙන් අවධාරණයෙන් ඉල්ලා සිටියහ.

    වයිරසය පැතිර යෑම වැළැක්වීම සඳහා සිංගප්පූරුව මාස දෙකකට ආසන්න කාලයක් ‘අර්ධ ලොක්ඩවුන්’ සීමා පනවා තිබිණි.

    ඒ අනුව සති ගණනාවක් වසා දමා තිබූ සම්භාහන ස්ථාන, ක්‍රීඩා ස්ථාන, මුහුදු වෙරළ, අනෙකුත් ස්ථාන ද මහජනතාව සඳහා නැවත විවෘත කිරීමට සිංගප්පූරු බලධාරීහු අවසර දුන්හ.

    මහජන එක්රැස්වීම් සඳහා අවසර දී ඇති නමුත් එක් අවස්ථාවකදී එක්රැස් විය හැක්කේ පස් දෙනකුට පමණි.

    එමෙන්ම මුඛ ආවරණ පැළැඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම අනිවාර්ය වේ.

    Latest News