මැදපෙරදිග සේවය කළ 23 කු ජීවිතක්ෂයට

ජූනි 20, 2020

    විදෙස්ගත රැකියාවන්හි නිරත වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 23 දෙනකු මේ වනවිට කොරෝනා ආසාදනයවීමෙන් මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

    එම ශ්‍රමිකයින් කුවේට්, ඩුබායි, අබුඩාබි, සෞදි අරාබිය, ඕමානය ආදී රටවල සේවයට ගොස් සිටි අය බව එම කාර්යාංශයේ ප්‍රකාශකයෙක් පවසා තිබේ.

    මෙම ශ්‍රමිකයින් 23 දෙනා මාර්තු මස මැද භාගයේ සිට මේ දක්වා කාලසීමාව තුළ මියගොස් ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

     

    Latest News