කලු ජාතිකයාගේ මරණය මිනීමැරුමක් බව මරණ පරීක්‍ෂණයෙන් හෙළිවෙයි

ජූනි 02, 2020

    අමෙරිකාව පුරා පුළුල් විරෝධතා අවුලුවාළු කලු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය, මිනීමැරුමක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

    46 හැවිරිදි ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ නිල මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ පොලිස් නිලධාරියා විසින් ඔහුව සිර කරගෙන සිටින විට හෘදයාබාධයක් ඇති වීමෙන් මරණය සිදුව ඇති බවය.

    මේ අතර, පවතින නොසන්සුන්තාව අවසන් කිරීම සඳහා හමුදාව යොදා ගන්නා බවට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    Last modified on අඟහරුවාදා, 02 ජූනි 2020 10:11

    Latest News