පියාගේ ප්‍රහාරයෙන් පුතා මරුට

මැයි 16, 2023

    කොස්ගොඩ ප්‍රදේශයේ දී පියා සිදුකළ පහරදීමකින් ඔහුගේ පුත්‍රයා මියගොස් තිබෙනවා.

    මියගිය පුද්ගලයා කොස්ගොඩ SOS ගම්මානයේ පදිංචිව සිටි 29 හැවිරිදි වියේ පසුවන තරුණයෙක්. පියා සහ පුත්‍රයා ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව පියා විසින් තියුණු ආයුධයකින් පුත්‍රයාගේ ගෙල ප්‍රදේශයට පහරදී තිබෙනවා.

    ඉන් බරපතළ තුවාල ලැබූ තරුණයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇත. ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ 62 හැවිරිදි වියේ පසුවන පියා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණා.

    කොස්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

     

    Latest News