ඉන්දියාවේ රට අවහිර කිරීමේ පස්වන අදියර අද (01) සිට

ජූනි 01, 2020

    කොරොනා වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා, ජුනි 1 වනදා සිට 30 දා දක්වා බලපැවැත්වෙන පරිදි, රට අවහිර කිරීමේ පස්වන අදියර ක්‍රියාත්මක කරන බව, ඉන්දියාව නිවේදනය කරයි.

    ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඊට අදාළ නව මාර්ගෝපදේශ 31 නිකුත් කළේය.

    මාර්තු 25 වනදා සිට මේ දක්වා ඉන්දියාව රට අවහිර කිරීමේ අදියර හතරක් ක්‍රියාත්මක කර තිබේ.

    කෙසේ වෙතත්, පස්වන අදියරේදී සාප්පු සංකීර්ණ, සැලූන්, හෝටල් සහ ආපනශාලා, ආගමික ස්ථාන ආදිය නැවත විවෘත කිරීම සඳහා නීති ලිහිල් කර ඇත.

    ජාත්‍යන්තර ගුවන් ගමන් අවලංගු කිරීම ජුනි 30 දක්වා තවදුරටත් ක්‍රියාත්මකයි.

    රාත්‍රී ඇඳිරි නීති කාල සීමාව පැය හතරකින් අඩු කෙරේ.

    අධි අවදානම් කලාපවල අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් සඳහා පමණක් අවසර දෙනු ඇත.

    නව මාර්ගෝපදේශ මගින් පොදු ස්ථානවල, සේවා ස්ථානවල සහ ප්‍රවාහනයේදී සෑම කෙනෙකුටම මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.

    පුද්ගලයින් පොදු ස්ථානවල දී අවම වශයෙන් අඩි හයක පරතරයක් පවත්වා ගත යුතුය.

    සාප්පු ගනුදෙනු වලදී භෞතික දුරස්ථභාවය සහතික කෙරෙන අතර, එකවර පුද්ගලයින් පස් දෙනෙකුට පමණක් සාප්පුවකට ඇතුළු විය හැකියි.

    සේවා ස්ථාන සඳහා වන අතිරේක නියෝග වල දැක්වෙන්නේ , හැකිතාක් දුරට "නිවසේ සිට වැඩ කිරීම" පිළිපැදිය යුතු බවයි.

    ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය 31 නිකුත් කළ දත්ත වලට අනුව, ඉන්දියාවේ මුළු COVID - 19 රෝගීන් සංඛ්‍යාව 173,763 ක වන අතර, මියගිය සංඛ්‍යාව 4,971 කි.

    Latest News