ට්‍රම්ප්ගේ ආරක්ෂාවත් තර කෙරේ

ජූනි 01, 2020

    නිරායුද කළු ජාතිකයෙකු, සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් මියයාමත් සමග අමෙරිකාව පුරා හට ගත් විරෝධතා 6 වැනි දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    විරෝධතා ධවල මන්දිරය අවට ද උග්‍ර වීමත් සමග ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, භූගත බංකරයකට රැගෙන යාමට ධවල මන්දිර ආරක්ෂක නිලධාරීන්ට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    විරෝධතා මැඩපැවැත්වීම සඳහා එරට නගර 40කට පමණ ඇඳිරිනීතිය පනවා තිබේ. ජනතාව, ඇඳිරිනීති නොතකා දිගින් දිගටම විරෝධතාවල නිරත වන බවයි, වාර්තා වන්නේ. නිව්යෝර්ක්, චිකාගෝ,ලොස් ඇන්ජලීස් ඇතුළු අමෙරිකාවේ ප්‍රධාන නගර රැසක් මේ වන විටත් විරෝධතාකරුවන්ගෙන් පිරී ගොස් අවසන්. පොලීසිය විරෝධතාකරුවන් විසුරුවා හැරීම සදහා කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කලේය. විරෝධතාකරුවන්, පොලිස් රථ රැසකට ගිනි තබා තිබේ. ධවල මන්දිරයේ ඉදිරිපිට ඇතිව තිබෙන තත්වය පාලනයට පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ කඳුළු ගෑස් හා අධිතාක්ෂණික කම්පන ප්‍රහාරක උපකරණ ද යොදා ගෙන ඇති බවයි.

    Last modified on සදුදා, 01 ජූනි 2020 13:12

    Latest News